යතුරුපැදියක් දුම්රියේ ගැටී මාතර දී අනතුරක්

මාතර, උයන්වත්ත, ධර්මාරාම දුම්රිය හරස් මාර්ගයේ දී දුම්රියේ යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව 08 හැවිරිදි පිරිමි දරුවෙක් තුවාල ලබා තිබෙනවා.

ඊයේ (27) සිදුවූ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ මාතර, වේරගම්තොට ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි වියේ පසු වූ අයෙක් බවයි පොලිසිය පැවසුවේ.

අතුරෙන් තුවාල ලැබූ දරුවා මාතර මහ රොහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.