යතුරුපැදිකරුගෙන් පොලිස් සැරයන්ට පා පහරක්

අණ නොතකා නොනවත්වා ධාවනය කළ යතුරු පැදියක් පසුපස හඹා ගිය පොලිස් නිලධාරියෙකු පලා යමින් සිටි යතුරුපැදිකරු විසින් එල්ල කරන ලද පා පහරකින් බිමට වැටී අනතුරට පත් ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; තුවාල ලැබූ පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති
බවයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ වැල්ලව පොලීසියට අනුයුක්ත ව සේවය කරන පොලිස් සැරයන් (39551) කුමාර නම් අයෙක්.

ඊයේ සවස හිරිපිටිය – මාලගමුව ප්‍රදේශයේ දී මෙම අනතුර සිදු වී ඇත්තේ.

වැල්ලව පොලීසියට අනුයුක්ත ව සේවය කරන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හිරිපිටිය මංසන්ධියේ රථ වාහන රාජකාරියේ නිරත ව සිට ඇති අතර එම අවස්ථාවේ දී ගනේවත්ත දෙස සිට හිරිපිටිය දෙසට ගමන් කරමින් තිබූ යතුරුපැදියක් නවත්වන ලෙස රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරින් අණ කර තිබෙනවා.

නමුත් එම යතුරු පැදිය නොනවත්වා ධාවනය කර ඇති අතර, රථ වාහන රාජකාරියේ නිරත ව සිටි පොලිස් සැරයන්වරයා තමන්ගේ පුද්ගලික යතුරුපැදියෙන් පලා යමින් තිබූ යතුරුපැදිය පසු පස හඹා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පලා යමින් තිබූ යතුරුපැදිය මාලගමුව මංසන්ධියේ දී නතර කිරීමට පොලිස් සැරයන්වරයා උත්සාහ කර ඇති අතර; එම අවස්ථාවේදී පලා යමින් සිටි යතුරුපැදිකරු විසින් පොලිස් සැරයන්වරයාට පා පහරක් එල්ල කර තිබෙනවා.

ඒ සමගම පොලිස් සැරයන්වරයා ගමන් කරමින් තිබූ යතුරුපැදිය ලිස්සා ගොස් පෙරළී යාමෙන් මෙම අනතුර සිදු ව තිබෙනවා.

අනතුරට පත්ව සිටි පොලිස් සැරයන්වරයාව එම ස්ථානයේ සිටි පිරිසක් විසින් ප්‍රතිකාර සඳහා වැල්ලව රෝහලට ඇතුළත් කර ඇති අතර, මෙතෙක් පලා ගිය යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන නැහැ.

නමුත් එම යතුරුපැදිය හඳුනාගෙන ඇති බවයි විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?