යතුරුපැදි අනතුරකින් පසු පුද්ගලයෙක් වෙඩි වැදී ජීවිතක්ෂයට

කොඩිකාමම්, මිරුසුවිල් ප්‍රදේශයේ ඊයේ (26) පස්වරුවේ වෙඩි වැදීමකින් තුවාල ලබා මාර්ගයක වැටී සිටි පුද්ගලයෙක් 1990 ගිලන් රථයකින් චාවකච්චේරිය රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි වියේ පසුවන මිරුසවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකුබ බවයි පොලිසිය සඳහන් කළේ

මෙම පුද්ගලයා සිය යතුරුපැදියෙන් සිය වගා බිම වෙත ගමන් කරමින් සිටියදී, යතුරුපැදිය පෙරළීගොස් ඔහු සන්තකයේ තිබූ බෙහෙත් කොටන ගිනි අවිය ක්‍රියාත්මක වී වෙඩි වැදී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

කොඩිකාමම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?