දරු මුණුබුරු මිණිබිරියන් සිටියත් තවමත් විවාහ නොවු පවුල් 19 ක විවාහ කර විවාහ සහතික ලබාදිමේ වැඩසටහනක් යටිනුවර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් යටිනුවර කුරුගම ගම්මානයේදි සිදු කර තිබෙනවා.
එකම පවුලේ අම්මයි තාත්තයි, දුවයි බෑනයි, ආච්චියි සීයයි එකම දවසේ විවාහ වි ලියාපදිංචි සහතික ලබා ගැනිම විශේෂ සිද්ධියක් විය.
ඔවුන් නිත්‍යානුකූලව විවාහ නොවී සිටීම නිසා එම පවුල්වල අලුතින් උපදින දරුවන් වෙත උප්පැන්න සහතික නිකුත් කිරීමේදී ඇතිවන ගැටලු මෙන්ම සේවක අර්ථසාධක අරමුදල් ලබාගැනීමේදී ඇතිවන ගැටලු අවම කරගැනීම සඳහා යටිනුවර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් මෙම විවාහය සංවිධානය කර තිබෙනවා.
