යකඩ බටයකට වෙඩි බෙහෙත් දමා අමුතු වැඩක් කරන්න ගිය තරුණයින් දෙදෙනෙකුට අත්වූ ඉරණම

ඉබ්බාගමුව ප්‍රදේශයේදී සිදුවූ පිපිරිමකින් තරුණයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මෙම පිපිරීම සිදුව ඇති අතර යකඩ බටයකට වෙඩි බෙහෙත් දමා එය ග්‍රයින්ඩරයකින් කැපීමට යාමේදී පුපුරා ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ත්‍රී රෝද රථ අලුත්වැඩියා කරන ස්ථානයක සිටි තරුණයන් දෙදෙනෙක් මල් වෙඩිල්ලක් සකස් කිරීමට උත්සාහ කිරීමේදී මෙය සිදුව ඇතැයි ද මූලික පරීක්ෂණවලිදී හෙළිවී තිබෙනවා.

තුවාල ලැබූ අවුරුදු 22 සහ 27 වයස්වල පසුවන තරුණයන් දෙදෙනා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර එක් අයෙක් බරපතල පිළිස්සුම් තුවාල ලබා සිටින බව සඳහන්.

ග්‍රයින්ඩරයෙන් කැපීමට යාමේදී යකඩ බටය අල්ලාගෙන සිටි තරුණයාගේ අතක ඇගිලි 4ක් අහිමිවී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගොකරැල්ල පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රිය අංශයයි පරීක්ෂණ සිදුකරන්නේ.

කෙසේවෙතත් මූලික විමර්ශණවලදී අනාවරණ වී ඇත්තේ මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු කිරීමට කළ ක්‍රියාවක් නොවන බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබයේ පිරිසක් ජනපතිට හොඳවයින් අමතයි
04:21
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56