මෝදි ප්‍රංශයේ සංචාරයක් අරඹයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රංශ සංචාරය අදින් ආරම්භ වනවා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වන්නේ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රන්ගේ ආරාධනයකට අනුවයි.

සිය තෙදින ප්‍රංශ සංචාරයට සමගාමී ව අග්‍රාමාත්‍ය මෝදි හෙට පැරීසියේ පැවැත්වෙන කෘත්‍රීම බුද්ධි (AI) ක්‍රියාකාරී සමුළුවේ සම සභාපතිත්වය දරනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති මැක්‍රොන් ඉන්දීය – ප්‍රංශ ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සංසදය ඇමතීමට ද නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?