පාදෙණිය – අනුරාධපුර මාර්ගයේ ගල්ගමුව, මීගස් හන්දිය ප්‍රදේශයේ දී මෝටර් රථයක වන අලියෙකු ගැටීමෙන් ඊයේ රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා.
අනුරාධපුරය බලා ධාවනය වූ මෝටර් රථයක මෙම වන අලියා ගැටී ඇති අතර, අනතුරින් වන අලියා එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුව ඇති අතර, නතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ හතර දෙනෙකු සිට තිබෙනවා.
තුවාල ලැබූ ඔවුන් මේ වනවිට ගල්ගොමුව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ.
අනතුර සිදුවූ මෙම ස්ථානය නිතර වන අලි මාර්ගය හරහා මාරුවන ස්ථානයක් බවයි අප වාර්තාකරු පැවසුවේ.







ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




