මෝටර් රථයක් වාහන පහක ගැටී ඇඹිලිපිටියේ දරුණු අනතුරක්

මෝටර් රථයක් වාහන පහක ගැටීමෙන් අද (03) සවස ඇඹිලිපිටිය, ගල්වංගුව ප්‍රදේශයේ දී අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පස්දෙනෙකු තුවාල ලබා ඇති බවයි ඇඹිලිපිටිය පොලිසිය පැවසුවේ.

මෝටර් රථයක්, ත්‍රිරෝද රථ තුනක, යතුරුපැදියක සහ තවත් මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර සිදුකළ මෝටර් රථය පැදවූ පුද්ගලයා බීමතින් සිට ඇති අතර, අනතුරින් මියගොස් ඇත්තේ එක් ත්‍රිරෝද රථයක ගමන් ගත් අයෙක් බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
10
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?