මොහ්සීන් නක්විට තවත් බාල්දියක් පෙ⁣රළෙයි

ඉස්ලාමාබාද් පොලිසිය ජාතික මාධ්‍ය කවුන්සිලය වටලා එහි සිටි ජනමාධ්‍යවේදීන්ට අමානුෂික ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

බැටන් පොලු රැගෙන ඇතුළුවන පොලිස් නිලධාරීන් ජනමාධ්‍යවේදීන්ට පහර දෙන දර්ශන එරට ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය කෙරුණා.

ප්‍රහාරයට ලක් වූ ඇතැම් ජනමාධ්‍යවේදීන්ගේ කැමරා උපකරණවලට පවා හානි සිදුව ඇති අයුරු දැක ගතහැකියි.

ඒ අනුව සිද්ධිය පිළිබඳ කඩිනමින් විමර්ශනයක් කර වාර්තාවක් ලබා දෙන්නැයි පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සීන් නක්වි ඉස්ලාමාබාද් පොලිස් ප්‍රධානියාට නියෝග කර තිබෙනවා.

විශේෂ ප්‍රකාශයක් කරමින් නක්වි පැවසුවේ ජනමාධ්‍යකරුවන්ට එල්ල වන ප්‍රහාරයක් කිසිදු තත්ත්වයක් යටතේ හෝ සාධාරණීකරණය කළ නොහැකි බවයි.

ප්‍රහාරයට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවද මොහ්සීන් නක්වි අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?