මොහ්සීන් නක්විට තවත් බාල්දියක් පෙ⁣රළෙයි

ඉස්ලාමාබාද් පොලිසිය ජාතික මාධ්‍ය කවුන්සිලය වටලා එහි සිටි ජනමාධ්‍යවේදීන්ට අමානුෂික ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

බැටන් පොලු රැගෙන ඇතුළුවන පොලිස් නිලධාරීන් ජනමාධ්‍යවේදීන්ට පහර දෙන දර්ශන එරට ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය කෙරුණා.

ප්‍රහාරයට ලක් වූ ඇතැම් ජනමාධ්‍යවේදීන්ගේ කැමරා උපකරණවලට පවා හානි සිදුව ඇති අයුරු දැක ගතහැකියි.

ඒ අනුව සිද්ධිය පිළිබඳ කඩිනමින් විමර්ශනයක් කර වාර්තාවක් ලබා දෙන්නැයි පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සීන් නක්වි ඉස්ලාමාබාද් පොලිස් ප්‍රධානියාට නියෝග කර තිබෙනවා.

විශේෂ ප්‍රකාශයක් කරමින් නක්වි පැවසුවේ ජනමාධ්‍යකරුවන්ට එල්ල වන ප්‍රහාරයක් කිසිදු තත්ත්වයක් යටතේ හෝ සාධාරණීකරණය කළ නොහැකි බවයි.

ප්‍රහාරයට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවද මොහ්සීන් නක්වි අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39