මොස්කව් ප්‍රහාරයේ සැකකරුවන්ට එරෙහි නඩු විභාගය ඇරඹෙයි (ඡායාරූප)

රුසියාවේ මොස්කව් නුවර ප්‍රසංග ශාලාවකට ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයන් 137 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් සිව්දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර නඩු විභාගය ඊයේ (24) ආරම්භ කෙරුණා.

එහිදී සැකකරුවන් තිදෙනෙකුගේ ඇස් බැඳ මොස්කව් හි දිස්ත්‍රික් උසාවියකට රැගෙන එනු ලැබූ අතර, අනෙක් සැකකරු අධිකරණයට පැමිණියේ රෝද පුටුවකයි.

ඔවුන් සියලු දෙනාට ම ත්‍රස්තවාදී ක්‍රියාවක් කළ බවට චෝදනා එල්ල වී ඇති අතර, සැකකරුවන් සිව්දෙනාම තජිකිස්තාන ජාතිකයන් බව රුසියානු මාධ්‍ය වාර්තා කළා.

අධිකරණ වාර්තාවෙන් කියැවුණේ සැකකරුවන් දෙදෙනෙක් වරද පිළිගෙන ඇති බවයි.

සැකකරුවන්ට එරෙහිව පූර්ව නඩු විභාගය මැයි 22 වැනිදා දක්වා පැවැත්වෙන අතර නඩු විභාගය සිදුකෙරුණේ සංවෘත්ත අධිකරණයකයි.

පසුගිය සිකුරාදා රාත්‍රියේ තුවක්කුකරුවන් සිව්දෙනෙකු මොස්කව් නගරයට නුදුරින් පිහිටි ක්‍රොකස් සිටි ශාලාවට කඩා වැදී රොක් ප්‍රසංගයකට සහභාගී වෙමින් සිටි 6,000ක පමණ පිරිසකට වෙඩි තැබීමෙන් පැය කිහිපයකට පසුව මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම ම්ලේච්ච ප්‍රහාරයෙන් පුද්ගලයින් 137 දෙනෙකු මිය ගොස් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව රුසියානු බලධාරීන් පැවසුවා.

AP24084772530089
ef942610 ea24 11ee bf9f 18a1747375f9
5257
4289306 933416023
skynews muhammadsobir fayzov 6500048
saidakrami murodali rachabalizoda
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !