මොවුන් ගැන තොරතුරක් දන්නවා නම් පොලිසියට කියන්න

දකුණු පළාතේ සිදු වූ අපරාධයක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

අපරාධය සඳහා පැමිණි පුද්ගලයින්ගේ රූප විස්තර ලබාගනිමින් අපරාධ වාර්තා කොට්ඨාසයේ නිලධාරීන්ගේ සහාය ඇතිව එම පුද්ගලයින්ගේ මුහුණු නිර්මාණය කිරීමට පොලිසියට හැකිව තිබෙනවා.

ඒ අනුව පහත ඡායාරූපවල සිටින පුද්ගලයින් දෙදෙනා පිළිබඳව තොරතුරක් වෙතොත් 071 – 8592867 හෝ 074 – 1357642 යන දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙසයි මහජනතාවගෙන් ශ්‍රී ලංකා පොලිසිය ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
7
+1
13
+1
2
+1
1
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?