මොරොන්තුඩුව, පොල්හේන ප්රදේශයේදී තියුණු ආයුධ වලින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි .
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ බණ්ඩාරගම, වල්ගම ප්රදේශයේ පදිංචිව සිටී ලසන්ත පුෂ්ප කුමාර නැමැති 30 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පැවසීය.
මියගොස් ඇති පුද්ගලයා තවත් යහළුවන් කීපදෙනෙකු සමඟ යතුරුපැදි වලින් මොරොන්තුඩුව පොල්හේන ප්රදේශයේ පදිංචි තම නැගණියගේ ස්වාමිපුරුෂයා හා ඔහුගේ නිවසේ පදිංචි අය සමග දීර්ඝ කාලයක් තිස්සේ පවතින පෞද්ගලික ආරවුලක් නිසා තියුණු ආයුධ සමඟ පැමිණ ඇති අතර,ඉන්පසුව එම නිවස තුළදී දෙපාර්ශවය අතර ගැටුමක් ඇති වී තිබේ.
මෙහිදී මිය ගිය පුද්ගලයාගේ නැගණියගේ ස්වාමියා හා ඔහුගේ පියා එක්ව මියගිය පුද්ගලයාට පෙරලා පහරදී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ඉන්පසුව බණ්ඩාරගම ප්රදේශයේ සිට පැමිණි අනිත් පුද්ගලයන් යතුරුපැදි වලින් පලා ගොස් ඇති අතර ,පහර කෑ පුද්ගලයා එම නිවස අසල පිහිටි අතුරු මාර්ගයේ බොහෝ වේලාවක් තුවාල සහිතව වැටී සිට ඇති අතර,ඉන් පසුව ගෝනදුව ප්රාදේශීය රෝහලට සුව සැරිය ගිලන් රථයෙන් ඇතුළත් කොට තිබේ.රෝහල් ගත කරන අතරතුර එම පුද්ගලයා මියගොස් ඇත.මෙම පුද්ගලයාට පහර දුන් බවට සැක කෙරෙන පියා සහ පුතා මේ වන විට ප්රදේශයෙන් පළා ගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මොරොන්තුඩුව පොලිසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කොට ඇත.එම පහර දීමට භාවිතා කළ තියුණු ආයුධ දෙකක්ද මොරොන්තුඩුව පොලිසිය භාරයට ගෙන ඇත.
ඝාතකයාද කැපුම් තුවාල සහිතව කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් වූ බවට තොරතුරු අනාවරණය වීමෙන් සමඟ මොරොන්තුඩුව පොලිසිය එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට රෝහල වෙත ගොස් ඇති අතර ඔහු ප්රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.
මොරොන්තුඩුව පොලිසිය මෙම පහර දීමට සැක කෙරෙන පියා සහ පුත්රයා සොයා පරීක්ෂණ සිදුකරයි.




