AFC Banner
Empty Ad
Empty Ad

මොරවැව දී අමානුෂික ඝාතනයක් – කැබ් රථයක් තුළට දමා ගිනි තියලා

පුද්ගලයෙකු සහ කැබ් රථයක් පැහැරගෙන ගොස් එම පුද්ගලයා ඝාතනය කර කැබ් රථය තුළට දමා ගිනි තැබීමක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙම අපරාධය සම්බන්ධයෙන් තොරතුරු පෙරේදා (13) දිනයේ දී උප්පුවේලි පොලිස් ස්ථානයට ලැබී ඇති බවයි වාර්තා වුණේ.

පෙරේදා අලුයම් කාලයේ දී මෙම අපරාධය සිදුව ඇති බවත්, පුද්ගලික ආරවුලක් මත මෙම අපරාධය සිදුකර ඇති බවත් මේ වනවිට කරුණු අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 41 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර, ඔහු ත්‍රිකුණාමලය, ඇලස්වත්ත ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මෙම පුද්ගලයා ඇලස්වත්ත ප්‍රදේශයේ වෙළඳසැලක් පවත්වාගෙන ගොස් ඇති ඇති අතර, ඔහු එහි රැඳී සිටිය දී සැකකරුවන් යතුරුපැදියකින් පැමිණ ඔහුට පහර දී කැබ් රථය ද සමඟ පැහැරගෙන ගොස් තිබෙනවා.

පසුව එම පුද්ගලයා ඝාතනය කිරීමෙන් අනතුරුව මෘත ශරීරය කැබ් රථය තුළට දමා මොරවැව පොලිස් වසමේ කැලෑබද ප්‍රදේශයක දී ඊට ගිනිතබා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් හඳුනාගෙන ඇති අතර, ඉන් වයස අවුරුදු 24ක සැකකරුවෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අපරාධය සඳහා යොදාගත් බවට සැක කෙරෙන පොල්ලක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?