මොරටුව, රාවතාවත්ත ප්රදේශයේදී අද (13) උදෑසන බස් රථයක් බෝ ගසක වැදීමෙන් අනතුරට ලක් වී තිබෙනවා.
කොළඹ දෙස සිට ගාලු පාර ඔස්සේ මොරටුව බස් නැවතුම්පොළ වෙතට සිය ගමන් වාරය ලබා ගැනීමට ගමන් කරමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක් වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
බෝ ගසෙහි වැදී ඉදිරියට ඇදී ගොස් වම් පසට වන්නට තිබූ පෞද්ගලික පංති පවත්වන සහ විදුලි උපකරණ ප්රදර්ශනාගාරයක ගොඩනැගිල්ලක ඉදිරිපස තිබූ නාම පුවරුවේ වැදී බස් රථය නැවතී ඇති බවයි පැවසෙන්නේ.
අනතුර සිදු වූ අවස්ථාවේදීම බස් රථයේ රියදුරු රථයෙන් මාර්ගයට වැටී ඇති අතර බරපතළ තුවාල ලබා සිටි ඔහුව පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කළ බව ද පොලීසිය පවසනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
4
+1
+1
1












