spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මොණරාගල SSPට ගංජා දුන් ඇතිමලේ OIC අත්අඩංගුවට

මොණරාගල කොට්ටාශය භාර හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාරට ගංජා සැපයීම සම්බන්ධයෙන් ඇතිමලේ පොලිස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සංජය ධර්මදාස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (12) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් පිරිසක් විසිනුයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

දැනට රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන හිටපු මොණරාගල කොට්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ප්‍රකාශයකට අනුව ඇතිමලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇතිබව වාර්තාවෙනවා.

ඇතිමලේ පොලිසියේ ස්ථානාධිපතිරයා අද (13) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පසුගිය 06 වැනිදා ඇතිමලේ පොලිසියේ නිලධාරීන් විසින් කැබිලිත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගංජා හේනක් වටලා තිබේ. ඉන්පසු මෙම ගංජා තොගය කපා ට්‍රැක්ටර් රථයක පටවා පොලිසියට රැගෙනවිත් ඇති අතර මොණරාගල හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නියෝගයක් මත ඉන් කොටසක් ලබා දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?