මොණරාගලටම මත්ද්‍රව්‍ය බෙදූ මහා පරිමාණයේ ජාවාරමක් වටලයි

මොණරාගල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී එම ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැරී ප්‍රධාන පෙලේ ජාවාරමක් වටලා සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා.

සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 24ක් සොයාගෙන ඇති බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොටියාගල සහ හොරොම්බුව යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 26, 28 සහ 32 යන වයස් වල පසුවන්නන් බවයි වාර්තාවන්නේ.

සැකකරුවන් මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව අතර සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල මූලස්ථාන පොලිසිය විසින් විමර්ශනයන් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?