ශ්රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේ දී වාමාංශික පක්ෂ සමඟ ඒකාබද්ධව ස්ථිර වශයෙන්ම ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන පවසනවා.
කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් ශ්රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මේ බව සඳහන් කළා.
