මෛත්‍රීට තවත් චෝදනාවක්

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනුකර ඇති පෙත්සමක් සම්බන්ධයෙන් ලබන ජූලි මස 10 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නොතීසි නිකුත් කිරීඉමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (30) නියෝග කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට වෙත මෙම නියෝගය නිකුත් කළා.

පෙත්සම අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

පෙත්සම්කරු කියා සිටින්නේ තමන් විසින් ගොනු කළ නඩුවක් විභාග කළ කොළඹ දිසා අධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් ඉකුත් අප්‍රේල් මස 24 වැනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ බවයි.

එම අතුරු තහනම් නියෝගය දිසා අධිකරණය නඩු විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බවත් පෙත්සම්කරු සඳහන් කළා.

එසේ තිබියදී වග උත්තරකාර මෛත්‍රීපාල සිරිසේන අදාල අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් එම පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කර ඇති බවත් පෙත්සම්කරු චෝදනා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03