AFC Banner
Empty Ad
Empty Ad

මේ මස අවසන් වනවිට වැසි සහිත කාලගුණයේ තරමක අඩුවක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය මේ මස අවසන් වනවිට තරමක් අඩුවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දිනවල දී ක්‍රමයෙන් දිවයිනේ නිරිත දිග කොටසට සීමාවනු ඇති බවයි.

මේ අතර දිවයින හරහා පවතින නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, නුවරඑළේ දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානය මිලි මීටර් 100 වැඩි තද වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එමෙන්ම දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩිවන අතර, එම මුහුදු ප්‍රදේශ ද විටින් විට රළු විය හැකි බවයි දැනුම් දෙන්නේ.

ඒ, අනුව කල්පිටියේ සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.5 – 3.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවනවා.

මේ හේතුවෙන් කල්පපිටිය සිට කොළඹ, ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
4
+1
1
+1
5
+1
4
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?