මේ මස අවසන් වනවිට වැසි සහිත කාලගුණයේ තරමක අඩුවක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය මේ මස අවසන් වනවිට තරමක් අඩුවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දිනවල දී ක්‍රමයෙන් දිවයිනේ නිරිත දිග කොටසට සීමාවනු ඇති බවයි.

මේ අතර දිවයින හරහා පවතින නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, නුවරඑළේ දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානය මිලි මීටර් 100 වැඩි තද වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එමෙන්ම දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩිවන අතර, එම මුහුදු ප්‍රදේශ ද විටින් විට රළු විය හැකි බවයි දැනුම් දෙන්නේ.

ඒ, අනුව කල්පිටියේ සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.5 – 3.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවනවා.

මේ හේතුවෙන් කල්පපිටිය සිට කොළඹ, ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි - "ගලවපන්..ගලවපන් - කඩන්න එපා"
01:58
Video thumbnail
තාත්තයි පුතයි ඇවිත් සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ - කැරම් බෝඩ්වල Barcode මාරු කරලා දුන්න ගේම
01:36
Video thumbnail
කාටත් හොරා තබාගත් රිවෝල්වරයක් සහ උණ්ඩ දෙකක් සමඟ පුද්ගලයෙක් වාද්දූවෙන් කොටු
00:51
Video thumbnail
වැල්ලවායේ කඳු පංතියක හදිසියේම හටගත් විශාල ගින්න - අක්කර පනහකට වඩා විනාශයි
01:29
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද? - සර්ගේ වරද එතකොට ?අපි බයවෙයි ඔයාලට
05:26
Video thumbnail
උපන්දිනයදා රටටම දැනෙන්න බිබිලෙන් අපූරු ආදර්ශයක්
01:24
Video thumbnail
හේම‍රතන හිමි නැවත තේවා කටයුතුවලට සහභාගී වෙනවා ?
01:24
Video thumbnail
සැකකරුවෙකු වූ හේම‍රතන හිමි නැවත තේවා කටයුතුවලට සහභාගී වෙනවා ? "සම්මා මුදල්වලින් තමා තාම වැජඹෙන්නේ"
10:38
Video thumbnail
උපන්දිනයදා රටටම දැනෙන්න බිබිලෙන් අපූරු ආදර්ශයක් - මිලියන පහක වියදමින් කරපු දේ
04:50
Video thumbnail
නිවසකට විශාල කොස් ගසක් කඩා වැටි සිදුවූ අනතුර
01:25