මේ අවුරුදු කාලේ අඳුරේ ඉන්න පුරුදු වෙමුද රාලේ

පවතින විදුලි අර්බුදය හමුවේ වියළි කාලගුණික තත්ත්වය තවදුරටත් උස්සන්න වුවහොත් එළඹෙන අලුත් අවුරුදු සමය වන විට දෛනික විදුලි කප්පාදු කාල සීමාව තව වැඩි කිරීමට සිදුවන බවට විදුලි ඉන්ජිනේරුවෝ අනතුරු හඟවති.

ජාතික විදුලිබල පද්ධතියට සුවිසල් දායකත්වයක් ලබා දෙන ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රධාන ජලාශ වන කාසල්රි, මාඋස්සාකැලේ, සමනල, කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල යන ජලාශයන්හි ජල මට්ටම් ඉතා ශීඝ්‍ර ලෙසින් පහත වැටෙමින් පවතින බව ද විදුලි ඉන්ජිනේරුවෝ පෙන්වා දෙති.

මේ තත්ත්වය තවදුරටත් අඛණ්ඩව වර්ධනය වුවහොත් දෛනික විදුලි සැපයීමට දැඩි බාධාවක් මතු වන බව ත් ඔවුහු පෙන්වා දෙති.

පවතින ඉන්ධන අර්බුදය හමුවේ ප්‍රධාන තාප විදුලි බලාගාර ද විටින් විට අකර්මණ්‍ය වීමත් මෙම දෛනික විදුලි කප්පාදු කාලය උච්චාවචනය වීමට බලපාන බව ද ඉන්ජිනේරුවෝ පෙන්වා දෙති.

ජලාශවල ජල මට්ටම අඩු වීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට අවශ්‍ය විදුලි ධාරිතාව තාප බලාගාරයන්ගෙන් ලබා ගැනීමට හෝ නිසි වේලාවන්ට ඉන්ධන, ගල්අඟුරු ලබාදෙන ලෙසට ලංකා විදුලිබල මණ්ඩලය මේ වන විටත් බලධාරීන් දැනුවත් කොට ඇත.

මේ වන විට අවස්ථා කිහිපයකදී එක් එක් වෙලාවන්ට විදුලි කප්පාදුව සිදු කරමින් සිටින අතර එහි උපරිම දෛනික විදුලි කප්පාදුව පැය හතහමාරක් දක්වා ද ඉහළ ගොස් තිබිණි.

මේ තත්ත්වය තේරුම් ගනිමින් ජනතාව විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බවත් එය එසේ සිදු නොවුණහොත් මේ තත්ත්වය ඉදිරියේදී මීට වඩා බරපතළ වනු ඇති බවද විදුලි ඉන්ජිනේරුවෝ වැඩිදුරට ත් පවසති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරට විශාලම ජල මූලාශ්‍රය පිටබැද්දරින් මතුවෙයි.."මාර සතුටක් තියෙන්නේ..මෙහෙම දකිද්දි"
04:14
Video thumbnail
පිටබැද්දර පොළොවෙන් මතු වූ මහ ජල කඳ
00:36
Video thumbnail
පලුගස්වැවේ සැප දාපු SPA සෙට් එකට වැඩ වරදියි..වසන්තගෙන් දැඩි ප්‍රකාශයක් l Wasantha Samarasinghe
09:57
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මාර්ග සංඥා නොතකා ගමන් ගන්නා බස් රථය..ජීවිත ගැන කිසි වගකීමක් නැ
01:07
Video thumbnail
ඉදිරියේදී ඉන්ධන නැතිවීමේ ප්‍රවණතාවක් ?.. QR ක්‍රමවේදය අත්‍යවශ්‍ය වෙනවා
06:23
Video thumbnail
සලේගේ ළඟම හිතවතා මුල ඉදලම සිදුවුණු සියල්ල මාධ්‍යයට හෙළිකරයි..ඇයි සලේ ලංකාවෙන් පිටවෙලා ගියේ ?
43:38
Video thumbnail
වාසනාවකට ජීවිත බේරුණ බිහිසුණු අනතුර..වෑන් රථය කුඩේ කුඩු වෙලා
00:53
Video thumbnail
ලැක්ටෝවත්ත දහන උඳුනේ විනාශ කරන ද්‍රව්‍ය ගැන නි.පොලිස්පති අශෝක හෙළිකරයි
04:48
Video thumbnail
නඩු අවසන් වූ මත්ද්‍රව්‍ය, මත්පෙති දැඩි ආරක්ෂාව මැද රැගෙන ගිය හැටි
02:06
Video thumbnail
මුහුදේ අතරමංව සිටි ඉන්දුනීසියානු ධීවරයෙක් බහු දින යාත්‍රාවකින් මුදා ගත් හැටි
02:03