spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මේ අවුරුදු කාලේ අඳුරේ ඉන්න පුරුදු වෙමුද රාලේ

පවතින විදුලි අර්බුදය හමුවේ වියළි කාලගුණික තත්ත්වය තවදුරටත් උස්සන්න වුවහොත් එළඹෙන අලුත් අවුරුදු සමය වන විට දෛනික විදුලි කප්පාදු කාල සීමාව තව වැඩි කිරීමට සිදුවන බවට විදුලි ඉන්ජිනේරුවෝ අනතුරු හඟවති.

ජාතික විදුලිබල පද්ධතියට සුවිසල් දායකත්වයක් ලබා දෙන ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රධාන ජලාශ වන කාසල්රි, මාඋස්සාකැලේ, සමනල, කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල යන ජලාශයන්හි ජල මට්ටම් ඉතා ශීඝ්‍ර ලෙසින් පහත වැටෙමින් පවතින බව ද විදුලි ඉන්ජිනේරුවෝ පෙන්වා දෙති.

මේ තත්ත්වය තවදුරටත් අඛණ්ඩව වර්ධනය වුවහොත් දෛනික විදුලි සැපයීමට දැඩි බාධාවක් මතු වන බව ත් ඔවුහු පෙන්වා දෙති.

පවතින ඉන්ධන අර්බුදය හමුවේ ප්‍රධාන තාප විදුලි බලාගාර ද විටින් විට අකර්මණ්‍ය වීමත් මෙම දෛනික විදුලි කප්පාදු කාලය උච්චාවචනය වීමට බලපාන බව ද ඉන්ජිනේරුවෝ පෙන්වා දෙති.

ජලාශවල ජල මට්ටම අඩු වීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට අවශ්‍ය විදුලි ධාරිතාව තාප බලාගාරයන්ගෙන් ලබා ගැනීමට හෝ නිසි වේලාවන්ට ඉන්ධන, ගල්අඟුරු ලබාදෙන ලෙසට ලංකා විදුලිබල මණ්ඩලය මේ වන විටත් බලධාරීන් දැනුවත් කොට ඇත.

මේ වන විට අවස්ථා කිහිපයකදී එක් එක් වෙලාවන්ට විදුලි කප්පාදුව සිදු කරමින් සිටින අතර එහි උපරිම දෛනික විදුලි කප්පාදුව පැය හතහමාරක් දක්වා ද ඉහළ ගොස් තිබිණි.

මේ තත්ත්වය තේරුම් ගනිමින් ජනතාව විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බවත් එය එසේ සිදු නොවුණහොත් මේ තත්ත්වය ඉදිරියේදී මීට වඩා බරපතළ වනු ඇති බවද විදුලි ඉන්ජිනේරුවෝ වැඩිදුරට ත් පවසති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?