‘මේන් ෂිෆ් 05’ අති සුඛෝපභෝගී නෞකාව කොළඹ වරායට (ඡායාරූප)

අති සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවක් වන ‘මේන් ෂිෆ් 05’ නෞකාව අද (29) අලුයම කොළඹ වරායට සේන්දු වුණා.

එලෙස පැමිණි නෞකාව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ නැංගුරම් ලා ඇති බවයි වාර්තා වුණේ.

ඒ, නෞකාවේ විශාලත්වයත් සමඟ වරාය මගී පර්යන්තයේ නැංගුරම් ලෑමට පහසුකම් නොමැතිවීම හේතුවෙන්.

මෙම නෞකාවෙන් මගීන් 2030ක් මෙරටට පැමිණ ඇති අතර, ඉන් බහුතරයක් යුරෝපීය සංචාරකයින් බවයි වාර්තා වන්නේ.

‘මේන් ෂිෆ් 05’ කොළඹ වරායට පැමිණියේ පළමු වරට වන අතර, මෙම නෞකාවේ දිග මීටර් 296ක්.