”මෙහේ බොරු කළාට එහේ බොරු කරන්න බෑ ඩාලිං”

ශ්‍රී ලංකාවේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රය ඔස්සේ සහ නිරූපණ ක්ෂේත්‍රය ඔස්සේ වෘත්තීමය කටයුතු සිදු කරන වර්තමානයේ කා අතරත් ජනප්‍රිය චරිතයක් තමයි විශ්ව පෙරේරා කියන්නේ. කලා ක්ෂේත්‍රය තුළ සිටින පියුමි හංසමාලි වැනි රංගන ශිල්පිනියන්ගේ ළඟම හිතවතෙකු වන විශ්ව පෙරේරා මේ වන විට අපට වැඩිය දකින්නට ලැබෙන්නේ නැහැ. ඔහු මේ වන විට විදෙස්ගතව ජීවත්වනවා. ඔහු පිළිබඳව වැඩිපුරම පුවත් මැවුණේ හසිනි සැමුවෙල් නම් නිරූපිකාව සමග විවාහ වීමට සිටිය දී හසිනි සැමුවෙල් fill t නමින් හඳුන්වන ජනප්‍රිය රැප් ගායකයාත් සමග එදින ඇයගේ සහ විශ්වගේ විවාහ උත්සවයේ දී අසැබි ලෙස හැසිරීම හේතුවෙන්.

ඉතින් එබැවින් ඔවුන්ගේ විවාහය සිදු වූයේ නැහැ. ඉන්පසු fill t හසිනි සැමුවෙල් සමඟ එකට පවුල් ජීවිතයක් ගත කළ අතර ඔවුන් දෙපළට ආදරණීය සුරතල් පුතෙක් ද සිටිනවා. හසිනි කියන්නේ ෆිල්ටිගෙ දෙවන බිරිඳ වන අතර මේ වන විට ෆිල්ටිගේ සහ හසිනිගේ සබඳතාවත් බිඳ වැටී ඇති බව පසුගිය දිනෙක filti සිය මුහුණු පොතේ තැබූ සටහනක් ඔස්සේ අපට දැකගන්නට පුළුවන් වුණා.

මේ වන විට තනිකඩ දිවියක් ගත කරන විශ්ව දිනෙන් දින මුහුණුපොතෙහි තබන සටහන් හේතුවෙන් නිබදවම රසික රසිකාවියන්ගේ අවධානය යොමු කර ගන්නවා. ඉතිං ඔබ අප කවුරුත් දන්නා පරිදි පසුගිය දිනකදී mrs world කිරුළ දිනා ගැනීම සඳහා ලංකාවෙන් තේරී පත් වූ පුෂ්පිකා ද සිල්වා තරගකාරිය අමෙරිකාව බලා පිටත් වුණා. විශ්ව පෙරේරා mrs world තරගය පිලිබඳව නවතම තොරතුරු නිරන්තරයෙන්ම සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පළ කරනවා.

ඉතින් එහිදී අවසන් තරගකරුවන් තිදෙනා ප්‍රකාශයට පත් කොට තිබෙනවා. අවසන් තරගකරුවන් තිදෙනා ලෙස තේරී පත් වී තියෙන්නෙ USA , එක්සත් අරාබි එමිර් රාජ්‍යය සහ ජෝර්දානය යි. ලංකාවෙන් තරග වැදුණු පුෂ්පිකා ද සිල්වාට අවසන් තරගකරුවන් තිදෙනා අතරට ඒමට හැකියාව ලැබී නැහැ. ඉතිං විශ්ව පෙරේරා ඔහු පළ කල පෝස්ටුවත් සමග ඊට යටින් මේ විදිහට කමෙන්ට් කරලා තිබුනා.

”ලංකාවෙ මෙහෙ බොරු කළාට එහෙ බොරු කරන්න බෑ ඩාලිං. කැරොලයින් ජූරි ඔයා තමයි හොඳම mrs world” යනුවෙන් තමයි ඔහු සඳහන් කර තිබෙන්නේ….

ඉන් අනතුරුව ඔහු සඳහන් කර ඇත්තේ ”අනේ ඊලගට මිසිස් ශ්‍රි ලංකා 4වැනි ස්තානය කියලා වැලලෙන්න හදන්න් එපා. එහෙම එකක් නෑ. අවසාන තරගාකාරියන් තිදෙනා පමනි..” යනුවෙනුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
171
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පක්ෂ නායක රනිල් පක්ෂයේ තරුණයන්ට දුන්න සුපිරි Surprise එක..හැමෝගෙම ඇස් උඩයයි
02:03
Video thumbnail
රනිල් ඉස්සරහම UNP වේදිකාව වර්ණවත් කළ තරුණියන්ගේ අපූරු නැටුම
04:24
Video thumbnail
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය
40:15
Video thumbnail
කලාතුරකින් දකින්න ලැබෙන නිල රථය සහ නිල ඇඳුම
01:12
Video thumbnail
සර්වඥ ධාතූන් වහන්සේලා සුදු පාවඩ මැදින් දැඩි ආරක්ෂාව මැද වැඩමවන හැටි
01:18
Video thumbnail
ජනාධිපතිතුමා සර්වඥ ධාතූන් වහ්සේලා වැඳ පුදාගනී
01:43
Video thumbnail
ක්‍රිකට් නිසා කුපිත වුණ ප්‍රවීණ නළුවෙක් හොඳටම දෙසයි..අපිට ක්‍රිකට් කියන්නේ ආගමක්
00:58
Video thumbnail
ජනාධිපතිතුමාත් ගංගාරාමයට එයි
02:20
Video thumbnail
සිවිදෙනෙකු රෝහල් ගතකළ බදුල්ලේ මහ ගින්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා ගිහින්
01:29
Video thumbnail
නිදහස් දිනයේ උතුරේ ගිනි ඇවිලෙයි - අපේ භූමිය අපිට ඕනේ, හමුදාව ඉවත්වෙනු
02:35


?