මෙවර පාසල් නිවාඩුව මාසයකටත් වැඩි කාලයක්

මෙවර පාසල් නිවාඩුව දෙසැම්බර් 22 වනදා සිට පෙබරවාරි 02 වනදා දක්වා ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා.

අද (24) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලට මුහුණ දෙන දරුවන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා රැසක් ආරම්භ කරන බව ද ඔහු මෙහිදි ප්‍රකාශ කළා. ජාතික අධ්‍යාපන ආයතනය, වෘත්තිය පුහුණු අධිකාරිය සහ විවෘත විශ්ව විද්‍යාලය යන ආයතන සියල්ල එක්වයි මෙම පාඨමාලා ආරම්භ කිරීමට සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින 237,000ක් දරුවන්ට එහි පළමු පාඨමාලාව ආරම්භ කරන අතර ලබන දෙසැම්බර් 15න් පසු එම පාඨමාලා ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා.

“විභාගය අවසන් වෙද්දිම මේ සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කරනවා. ඉංග්‍රීසි භාෂාව සහ තොරතුරු තාක්ෂණයට අමතරව තමන් කැමති තාක්ෂණික විෂයයන් දෙකක් තෝර ගන්න පුළුවන්. දරුවන්ට උසස් පෙළ ප්‍රතිඵල ලැබෙන තුරු මාස 04ක් මෙම පාඨමාලාව හදාරන්න පුළුවන්. විශ්ව විද්‍යාල වලට දරුවන් තෝරා පත් කර ගත් පසු ඉතිරු දරුවන් විභාගයක් පවත්වා සුදුසු පාඨමාලාවන් සඳහා තෝරා ගන්නවා. දරුවන්ට ගැළපෙනම වෘත්තියට තමයි පාඨමාලාව ලබා දෙන්නේ. ඉලෙක්ට්‍රොනික් නම් ඉලෙක්ට්‍රොනික් පාඨමාලාව. ප්‍රතිඵල ආවම විශ්ව විද්‍යාල වලට නොයන දරුවන්ට අදාළ තෝරා ගැනීම කළ හැකියි.අඩු ආදායම් ලාභී දරුවන් සඳහා ආධාර ලබා දෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38