මෙවර පාසල් නිවාඩුව මාසයකටත් වැඩි කාලයක්

මෙවර පාසල් නිවාඩුව දෙසැම්බර් 22 වනදා සිට පෙබරවාරි 02 වනදා දක්වා ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා.

අද (24) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලට මුහුණ දෙන දරුවන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා රැසක් ආරම්භ කරන බව ද ඔහු මෙහිදි ප්‍රකාශ කළා. ජාතික අධ්‍යාපන ආයතනය, වෘත්තිය පුහුණු අධිකාරිය සහ විවෘත විශ්ව විද්‍යාලය යන ආයතන සියල්ල එක්වයි මෙම පාඨමාලා ආරම්භ කිරීමට සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින 237,000ක් දරුවන්ට එහි පළමු පාඨමාලාව ආරම්භ කරන අතර ලබන දෙසැම්බර් 15න් පසු එම පාඨමාලා ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා.

“විභාගය අවසන් වෙද්දිම මේ සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කරනවා. ඉංග්‍රීසි භාෂාව සහ තොරතුරු තාක්ෂණයට අමතරව තමන් කැමති තාක්ෂණික විෂයයන් දෙකක් තෝර ගන්න පුළුවන්. දරුවන්ට උසස් පෙළ ප්‍රතිඵල ලැබෙන තුරු මාස 04ක් මෙම පාඨමාලාව හදාරන්න පුළුවන්. විශ්ව විද්‍යාල වලට දරුවන් තෝරා පත් කර ගත් පසු ඉතිරු දරුවන් විභාගයක් පවත්වා සුදුසු පාඨමාලාවන් සඳහා තෝරා ගන්නවා. දරුවන්ට ගැළපෙනම වෘත්තියට තමයි පාඨමාලාව ලබා දෙන්නේ. ඉලෙක්ට්‍රොනික් නම් ඉලෙක්ට්‍රොනික් පාඨමාලාව. ප්‍රතිඵල ආවම විශ්ව විද්‍යාල වලට නොයන දරුවන්ට අදාළ තෝරා ගැනීම කළ හැකියි.අඩු ආදායම් ලාභී දරුවන් සඳහා ආධාර ලබා දෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?