මෙවර උසස් පෙළ විභාගයේ හොඳම ප්‍රතිඵල ලබාගත් හපනුන් මෙන්න

මෙවර 2022 (2023) උසස්පෙළ විභාගයේ නිකුත් වූ ප්‍රතිඵලවලට අනුව ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ මාතර සුජාතා විද්‍යාලයේ සිසුවියකි.

2022 (2023) උසස්පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය සමුදිත නයනප්‍රිය විසින් හිමිකරගෙන ඇත.

එම සිසුවා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සිසුවෙකි.

මේ අතර වාණිජ අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ සිසුවියක් සමත්වී තිබේ.

ඒ අනුව එම විද්‍යාලයේ දිල්සරණි තරුෂිකා මෙවර වාණිජ අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත.

ප්‍රමුදි භාෂණී මුණසිංහ නමැති ශිෂ්‍යාව මෙලෙස ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත.

කොළඹ රාජකීය විද්‍යාලයේ ගෝනදූවගේ මනෙත් බානුල පෙරේරා භෞතික විද්‍යා (ගණිත) විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථමයා වී තිබෙනවා.