මෙවර අබුඩාබි T10 තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 07ක්

අබුඩාබි ටී ටෙන් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීම ඊයේ (26) සිදුකෙරුණා.

මෙවර තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හත්දෙනෙකු තෝරා ගැනීම ද විශේෂත්වයක්.

එහිදී කණ්ඩායම් හතරක් වෙනුවෙන් මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 07 දෙනා තෝරා ගැනුණු අතර, එලෙස තෝරා ගැනුණේ දසුන් ශානක, භානුක රාජපක්ෂ, මහීෂ් තීක්ෂණ,වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ සහ චාමික කරුණාරත්නයි.

දසුන් ශානක චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙස තෝරා ගැනුණු අතර ඔහුට අමතරව ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ සහ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ එම කණ්ඩායමට ඇතුළත්.

ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සහ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර නොදර්න් වොරියර්ස් කණ්ඩායමට ඇතුළත්.

යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ බංග්ලා ටයිගර්ස් කණ්ඩායම වෙනුවෙන් එක්කරගෙන ඇති අතර තුන්ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න මොරිස්විල් සෑම්ප් ආර්මි කණ්ඩායම වෙනුවෙන් මෙවර තරගාවලිය සඳහා එක්ව සිටිනවා.

අබුඩාබි ටී ටෙන් ලීග් ක්‍රිකට් තරගාවලියේ නොවැම්බර් මස 23 වැනිදා සිට දෙසැම්බර් 04 වැනිදා දක්වා පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

මෙවර තරගාවලිය වෙනුවෙන් එක්වන කණ්ඩායම් 08 තෝරාගත් ක්‍රීඩක ලැයිස්තුව පහතින්.

309301134 1411030112753645 268653155683953365 n

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29