ශ්‍රී ලංකා නාවික හමුදාවේ හත්වන (07) නාවික හමුදාධිපති වශයෙන් කටයුතු කළ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වූ අද්මිරාල් බැසිල් ගුණසේකර මහතා ඊයේ (17) අභාවප්‍රාප්තවීය
1929 වර්ෂයේ දී උපත ලබා ඇති දැයෙන් සමුගත් අද්මිරාල් බැසිල් ගුණසේකරගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා 2024 පෙබරවාරි මස 18 වැනිදා දක්වා අංක 50/06, අනුලා මාවත, කොළඹ 06 පිහිටි නිවසේ තැම්පත් කර තිබේ.
1951 වර්ෂයේ ජූලි මස 23 වන දින රාජකීය ලංකා නාවික හමුදාවේ උපන් ලුතිනන් වරයෙක් ලෙස අධිකාරියට පත්ව ඇති මෙතුමා 1973 ජුනි මස 01 වන දින සිට 1979 මැයි මස 31 වන දින දක්වා ශ්‍රී ලංකා නාවික හමුදාවේ හත්වන (07) නාවික හමුදාධිපති ලෙස කටයුතු කර ඇත.
දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ නාවික හමුදා ගෞරව හා උත්තමාචාර සහිතව අද(18) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.














Rest in Peace