මෙරට සීනි අවශ්‍යතාවෙන් 50%ක් මෙරට තුළ නිෂ්පාදනය කිරීමට සැරසෙයි

වත්මන් ආණ්ඩුව යටතේ මෙරට සීනි අවශ්‍යතාවෙන් 50%ක් මෙරට තුළ නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.

2022 අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ පස්වන දිනය සඳහා  (27දා) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා,

“මේ රටේ වවන්න පුළුවන් සෑම බිම් අඟලක්ම වගා කරන්න තමයි ජනාධිපතිවරයා අපට උපදෙස් ලබා දුන්නේ. ඒ නිසා පිටරටින් ගේන සියලුම ‌‌භෝග නවත්වන්න එතුමා කටයුතු කළා. අපි කහ වගාව ප්‍රවර්ධනය කරලා මේ මහ කන්නයේ අස්වැන්න ආවට පස්සේ කහවලින් මේ රට ස්වයංපෝෂිත වෙනවා. කහ පැළ අපි ලක්ෂ 15ක බෙදලා දුන්නා. ඒ වගේම ඒ අස්වැන්න මිලදී ගැනීමටත් අපි වැඩපිළිවෙළක් යොදලා තිබෙනවා අපේ කුළුබඩු සංස්ථාව හරහා. පසුගිය කාලයේ ගොවීන්ට යම් යම් ප්‍රශ්න තිබුණත් මගේ අමාත්‍යාංශය යටතේ තිබෙන භෝගවලට අපේ රජය සාධාරණීකරණය කළා. එදා ගම්මිරිස් ගොවියා රුපියල් 400ට වත් විකුණ ගන්න බැරිව කෑගැහුවා. ගොවියෝ 250,000ක් මේ රටේ ඉන්නවා. අද 1,550යි ගම්මිරිස් කිලෝ එකක්. ඒ වගේම අද කුරුඳු ගොවියාගේ ආදායම දෙගුණ වෙලා තිබෙනවා. අපි මේ කුරුඳු වගාව සඳහා මේ අවුරුද්දේ විතරක් පැළ මිලියන 25ක් විතර ජනතාවට නොමිලේ දුන්නා.

ඒ වගේම සීනි කර්මාන්තය දියුණු කරන්න අපේ රජය වැඩපිළිවෙළ රාශියක් ගේනවා. අපි බලාපොරොත්තු වෙනවා 50%ක් මේ රටේ සීනි නිෂ්පාදනය කරන්න. වේලිඔය නව සීනි කර්මාන්ත ශාලාවක් ලබන පෙබරවාරි මාසයේ ආරම්භ කරන්න කටයුතු කරනවා. අපි ඒකෙන් බලාපොරොත්තු වෙනවා මෙට්‍රික් ටොන් 25,000ක් මේ රටේ සීනි නිෂ්පාදනය කරන්න. ඒ සමගම 27 අවුරුද්දක් වහලා තියෙන කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ වැඩ ජනවාරි වන විට ආරම්භ කරනවා. ඒ නිසා අපේ රජය බලයට පත්වුණු දවසේ ඉඳලා අපි මේ රටේ ජනතාවට සේවය කරන්න බලාපොරොත්තු වෙනවා” යනුවෙන්ද ප්‍රකාශ කළේය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40