මෙරට සයිබර් අපරාධ වල ඉහළ යෑමක්

දෛනිකව ලැබෙන සයිබර් අපරාධ පැමිණිලිවල ඉහළ යාමක් සිදුව ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

ඔහු සඳහන් කළේ, වර්ෂයකට පැමිණිලි 2,500ක පමණ සංඛ්‍යාවක් මීට පෙර ලැබුණ ද මේ වන විට එම තත්ත්වය වෙනස්ව ගොස් දිනකට පැමිණිලි 15ත් 20ත් අතර සංඛ්‍යාවක් ලැබෙන බවයි.

සයිබර් අපරාධ හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ විශාල වශයෙන් වින්දිතයින් බවට පත්වන්නේ කාන්තාවන් බව ඔහු සඳහන් කළේ.

කාන්තාවන්ගේ ඡායාරූප ව්‍යාජ ලෙස වෙනස් කොට අසභ්‍ය වීඩියෝ සහ අසභ්‍ය ඡායාරූප නිර්මාණය කිරීම සහ බෙදා හැරීම ආදිය සිදු කරන්නන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකි අතර වසර 3ක සිර දඬුවම් ලබා දිය හැකි බව ඔහු පැවසුවේ.

එමෙන්ම, පරිගණකයකටට ඇතුළු වී දත්ත සොරකම් කරන්නන්ට වසර 7ක් දක්වා කාලයක් සිර දඬුවම් ලබා දිය හැකි බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

කිසියම් අයෙකු විදේශයක සිට සයිබර් අපරාධයක් සිදු කළ ද එය මෙරට පුද්ගලයෙකුට එය අදාළ වන්නේ නම්, මෙරටදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නෛතික ප්‍රතිපාදන පවතින බව ඔහු වැඩිදුරට ත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39