මෙරට සංචාරක නවාතැන් පහසුකම් මිල ගණන් ඉහළ යාම ගැන කාරක සභා අවධානයට (ඡායාරූප)

විදේශ කටයුතු අමාත්‍යාංශයේ අංශ කිහිපයක කාර්යභාරය සහ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සාකච්ඡා කිරීම සිදු ව තිබෙනවා.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවලගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දී මෙම සාකච්ඡාව පැවැත්වුණා.

මෙම කමිටුවේ සභාපතිත්වය දරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින්.

මීට විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කොන්සියුලර් කටයුතු අංශය (Consular Affairs Division), එක්සත් ජාතීන් සහ මානව හිමිකම් අංශය (United Nations and Human Rights Division) සහ ජාතික සමුද්‍ර කටයුතු කාරක සභා ලේකම් කාර්යාලය (National Oceanic Affairs Committee Secretariat) නියෝජනය කරන නිලධාරීන් කැඳවා තිබුණා.

මේ අනුව පැමිණි නිලධාරීන්ගෙන් මෙම එක් එක් අංශයේ වර්තමාන කටයුතු සහ කාර්යභාරය කමිටුව විසින්
විමසනු ලැබූ අතර; මෙහි දී පැමිණි නිලධාරීන් ඒ ඒ අංශවල කාර්යයන් පිළිබඳ කමිටුවට පැහැදිලි කරනු ලැබූ බවයි වාර්තා වන්නේ.

මෙහි දී මැදපෙරදිග කලාපයේ වර්තමාන තත්ත්වය පිළිබඳව ද අවධානය යොමු වුණා.

විශේෂයෙන් ම ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින ගැටුම සම්බන්ධයෙන් ද විමසා බැලීම සිදු වූ බවත් සඳහන්.

සවුදි අරාබි රාජ්‍ය සහ ශ්‍රී ලංකාව අතර පවතින සම්බන්ධතාව පිළිබඳව ද පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එස්.එම්.ඒම්. මුෂාරෆ් විමසා සිටි අතර; දෙරට අතර පවතින සම්බන්ධතාව පිළිඳව ද පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නා.

මෙරට සංචාරක නවාතැන් (හෝටල් කාමර) මිල (විශේෂයෙන්ම කොළඹ ආශ්‍රිත සංචාරක හෝටල්වල) වෙනත් රටවලට සාපේක්ෂව ඉහළ අගයක් ගන්නා බවත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවත්
කමිටුව පෙන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව මෙම ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා සම්බන්ධ වූ තරුණ නියෝජිතයින් මීගමුව වෙරළ අපිරිසිදු තත්ත්වයක පැවතීම පිළිබඳවත් මෙම තත්ත්වය නිසා සංචාරක ආකර්ෂණය අවම වන බවත් පැමිණි
නිලධාරීන්ගේ අවධානයට යොමු කළා.

කාරක සභාවේ සමාජිකයන් වන ගරු නීතීඥ එස්.එම්.ඒම්. මුෂාරෆ් සහ නීතිඥ මධුර විතානගේ මෙම රැස්වීම සඳහා සහභාගී වී සිටි අතර; මෙම කමිටුව සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය, ආගමන විගමන
දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහභාගී වූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53