විදේශ කටයුතු අමාත්‍යාංශයේ අංශ කිහිපයක කාර්යභාරය සහ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සාකච්ඡා කිරීම සිදු ව තිබෙනවා.
මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවලගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දී මෙම සාකච්ඡාව පැවැත්වුණා.
මෙම කමිටුවේ සභාපතිත්වය දරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින්.
මීට විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කොන්සියුලර් කටයුතු අංශය (Consular Affairs Division), එක්සත් ජාතීන් සහ මානව හිමිකම් අංශය (United Nations and Human Rights Division) සහ ජාතික සමුද්‍ර කටයුතු කාරක සභා ලේකම් කාර්යාලය (National Oceanic Affairs Committee Secretariat) නියෝජනය කරන නිලධාරීන් කැඳවා තිබුණා.
මේ අනුව පැමිණි නිලධාරීන්ගෙන් මෙම එක් එක් අංශයේ වර්තමාන කටයුතු සහ කාර්යභාරය කමිටුව විසින්
විමසනු ලැබූ අතර; මෙහි දී පැමිණි නිලධාරීන් ඒ ඒ අංශවල කාර්යයන් පිළිබඳ කමිටුවට පැහැදිලි කරනු ලැබූ බවයි වාර්තා වන්නේ.
මෙහි දී මැදපෙරදිග කලාපයේ වර්තමාන තත්ත්වය පිළිබඳව ද අවධානය යොමු වුණා.
විශේෂයෙන් ම ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින ගැටුම සම්බන්ධයෙන් ද විමසා බැලීම සිදු වූ බවත් සඳහන්.
සවුදි අරාබි රාජ්‍ය සහ ශ්‍රී ලංකාව අතර පවතින සම්බන්ධතාව පිළිබඳව ද පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එස්.එම්.ඒම්. මුෂාරෆ් විමසා සිටි අතර; දෙරට අතර පවතින සම්බන්ධතාව පිළිඳව ද පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නා.
මෙරට සංචාරක නවාතැන් (හෝටල් කාමර) මිල (විශේෂයෙන්ම කොළඹ ආශ්‍රිත සංචාරක හෝටල්වල) වෙනත් රටවලට සාපේක්ෂව ඉහළ අගයක් ගන්නා බවත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවත්
කමිටුව පෙන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.
මීට අමතරව මෙම ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා සම්බන්ධ වූ තරුණ නියෝජිතයින් මීගමුව වෙරළ අපිරිසිදු තත්ත්වයක පැවතීම පිළිබඳවත් මෙම තත්ත්වය නිසා සංචාරක ආකර්ෂණය අවම වන බවත් පැමිණි
නිලධාරීන්ගේ අවධානයට යොමු කළා.
කාරක සභාවේ සමාජිකයන් වන ගරු නීතීඥ එස්.එම්.ඒම්. මුෂාරෆ් සහ නීතිඥ මධුර විතානගේ මෙම රැස්වීම සඳහා සහභාගී වී සිටි අතර; මෙම කමිටුව සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය, ආගමන විගමන
දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහභාගී වූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.





















OWA IHALA YANNE THOPI HEMA MAGULAMA NIMAK NOMATHIWA PRICE TAX,DUTY, LEVY WADI KARANA NISANE. THOPI OKKOMA 400% 500% WADI KARANAKOTA UN WADI NOKARA WENA MONAWA KARANNA DHA? 3-5 STAR HOTEL MEHEN GANNE FISH,VEGETABLE,MEAT SULU KOTASAK PAN=MANAYI. ANITH HEMA DEMA GENWANNE WENA RATA WALIN. THOPI DUTY TAX OOKOMA WADI KALAMA UN EKA OWATA EKATHU KARANWA NE BURUWANE.