Empty Ad
AFC Banner
Empty Ad

මෙරට වෙළෙඳ ක්‍රියාවලිය සරල කිරීමට ජාතික යෝජනාවලියක් සැකසීමට ජනපති ලේකම්ගෙන් උපදෙස්

ශ්‍රී ලංකාව තුළ වෙළෙඳ කටයුතු ආශ්‍රිත ක්‍රියාවලිය සරල කිරීම සහ කඩිනම් කිරීම සඳහා ජාතික යෝජනාවලියක් කඩිනමින් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

පසුගිය 07 වනදා ජනාධිපති කාර්යාලයේ පැවති ජාතික වෙළෙඳ පහසුකම් සැපයීම පිළිබඳ කමිටුවේ (NTFC) ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් ජනාධිපති ලේකම්වරයා මෙම උපදෙස් ලබාදුන්නා.

ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර සඳහා හිතකර පරිසරයක් ප්‍රවර්ධනය කිරීමට කඩිනම් සහ තීරණාත්මක ක්‍රියාමාර්ග ගැනීමේ හදිසි අවශ්‍යතාව ජනාධිපති ලේකම්වරයා මෙහිදී අවධාරණය කළා.

රට තුළ ව්‍යාපාර කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් පුළුල් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳ මෙම සාකච්ඡාවේ දී දීර්ඝ ලෙස සමාලෝචනය කෙරුණු අතර, එහිදී ජාතික වෙළෙඳ පහසුකම් සැපයීම පිළිබඳ ලේකම් කාර්යාලයේ කාර්යභාරය ද විමසා ලැබුවා.

ජාතික වෙළෙඳ පහසුකම් සැපයීම පිළිබඳ ලේකම් කාර්යාලය විසින් 2025-2030 කාලය තුළ සපුරාගත යුතු කාර්යයන් කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව ද සාකච්ඡා වුණා.

මෙහි මූලික පියවරක් ලෙස මුදල් අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ජාතික වෙළෙඳ පහසුකම් සැපයීම පිළිබඳ ලේකම් කාර්යාලය පවත්වාගෙන යාමටත්, එහි කාර්ය මණ්ඩල අවශ්‍යතා කඩිනමින් සම්පූර්ණ කිරීමටත් තීරණය කෙරුණා.

එසේම දැනට රේගු දෙපාර්තමේන්තුව යටතේ ඇති ජාතික වෙළෙඳ පහසුකම් සැපයීම පිළිබඳ ලේකම් කාර්යාලය සඳහා 2023 අය වැයෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන, මුදල් අමාත්‍යාංශය යටතට පැවරීම පිළිබඳවත්, එහි වෙබ් අඩවිය සංවර්ධනය සහ ප්‍රගතිය වාර්තාකිරීමේ පද්ධතිය සකස් කිරීම වැනි අවශ්‍යතා සඳහා ප්‍රමුඛත්වය ලබාදීමටත් අවධානය යොමුව තිබුණා.

ජාතික වෙළෙඳ පහසුකම් සැපයීම පිළිබඳ කමිටුවේ කාර්යක්ෂම ක්‍රියාකාරිත්වය අධීක්ෂණය කිරීම සඳහා ඉහළ මට්ටමේ අධිකාරියක් අවශ්‍ය බව පෞද්ගලික අංශ නියෝජිතයෝ මෙහිදී පෙන්වා දුන්නා.

එක් එක් නියෝජිතායතනයේ වගකීම්වල ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා විධිමත් වාර්තාකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම ද ඔවුන් අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංචාරක නියෝජ්‍ය ඇමති හිර ගෙදරට
13:35
Video thumbnail
මේක අහන්නම ඕන මාධ්‍ය හමුවක් - විනීත රියදුරන්ට වෙන්න යන දේ මෙන්න
05:23
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.15
05:38:04
Video thumbnail
චාමර සම්පත් තවත් අඩව්වක් අල්ලයි
06:21
Video thumbnail
මනෝජ් ගමගේ මාධ්‍ය හමුවේ සැර වෙයි - මතක තියාගන්න මම මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක
18:03
Video thumbnail
මරික්කාර් අද පාර්ලිමේන්තුව දෙක කරයි - නජිත් එක්ක මරික්කාර් ෆොටෝ එකකට පැටලෙයි
17:35
Video thumbnail
කාදිනල් හිමි ආණ්ඩුවට රතු එළි දල්වයි - ඩීල් දාන්න එපා අපිට දීපු පොරොන්දු ඉටු කරන්න
13:11
Video thumbnail
අපිට සද්දේ දාන්න එන්න එපා හරිද ඔයා - වැටලීම උණුසුම් වෙයි - මුදලාලිට හොඳට කියලා දෙයි
14:23
Video thumbnail
හිටපු ජනපති සිරිසේන කාලෙකට පස්සේ කට අරියි
11:48
Video thumbnail
දයාසිරි ආණ්ඩුවේ ලිස්ට් එකක් එළියට දායි
17:58

?