මෙරට වෙළෙඳ ක්‍රියාවලිය සරල කිරීමට ජාතික යෝජනාවලියක් සැකසීමට ජනපති ලේකම්ගෙන් උපදෙස්

ශ්‍රී ලංකාව තුළ වෙළෙඳ කටයුතු ආශ්‍රිත ක්‍රියාවලිය සරල කිරීම සහ කඩිනම් කිරීම සඳහා ජාතික යෝජනාවලියක් කඩිනමින් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

පසුගිය 07 වනදා ජනාධිපති කාර්යාලයේ පැවති ජාතික වෙළෙඳ පහසුකම් සැපයීම පිළිබඳ කමිටුවේ (NTFC) ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් ජනාධිපති ලේකම්වරයා මෙම උපදෙස් ලබාදුන්නා.

ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර සඳහා හිතකර පරිසරයක් ප්‍රවර්ධනය කිරීමට කඩිනම් සහ තීරණාත්මක ක්‍රියාමාර්ග ගැනීමේ හදිසි අවශ්‍යතාව ජනාධිපති ලේකම්වරයා මෙහිදී අවධාරණය කළා.

රට තුළ ව්‍යාපාර කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් පුළුල් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳ මෙම සාකච්ඡාවේ දී දීර්ඝ ලෙස සමාලෝචනය කෙරුණු අතර, එහිදී ජාතික වෙළෙඳ පහසුකම් සැපයීම පිළිබඳ ලේකම් කාර්යාලයේ කාර්යභාරය ද විමසා ලැබුවා.

ජාතික වෙළෙඳ පහසුකම් සැපයීම පිළිබඳ ලේකම් කාර්යාලය විසින් 2025-2030 කාලය තුළ සපුරාගත යුතු කාර්යයන් කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව ද සාකච්ඡා වුණා.

මෙහි මූලික පියවරක් ලෙස මුදල් අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ජාතික වෙළෙඳ පහසුකම් සැපයීම පිළිබඳ ලේකම් කාර්යාලය පවත්වාගෙන යාමටත්, එහි කාර්ය මණ්ඩල අවශ්‍යතා කඩිනමින් සම්පූර්ණ කිරීමටත් තීරණය කෙරුණා.

එසේම දැනට රේගු දෙපාර්තමේන්තුව යටතේ ඇති ජාතික වෙළෙඳ පහසුකම් සැපයීම පිළිබඳ ලේකම් කාර්යාලය සඳහා 2023 අය වැයෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන, මුදල් අමාත්‍යාංශය යටතට පැවරීම පිළිබඳවත්, එහි වෙබ් අඩවිය සංවර්ධනය සහ ප්‍රගතිය වාර්තාකිරීමේ පද්ධතිය සකස් කිරීම වැනි අවශ්‍යතා සඳහා ප්‍රමුඛත්වය ලබාදීමටත් අවධානය යොමුව තිබුණා.

ජාතික වෙළෙඳ පහසුකම් සැපයීම පිළිබඳ කමිටුවේ කාර්යක්ෂම ක්‍රියාකාරිත්වය අධීක්ෂණය කිරීම සඳහා ඉහළ මට්ටමේ අධිකාරියක් අවශ්‍ය බව පෞද්ගලික අංශ නියෝජිතයෝ මෙහිදී පෙන්වා දුන්නා.

එක් එක් නියෝජිතායතනයේ වගකීම්වල ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා විධිමත් වාර්තාකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම ද ඔවුන් අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14