මෙරට මුහුදු තීරයේ මසුන් මැරූ තවත් ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට

මෙරට මුහුදු තීරයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (30) රාත්‍රියේ තලෛයිමන්නාරම මුහුදු තීරයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, එහිදී ඉන්දීය ධීවරයින් 07 දෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු එම ඉන්දීය ධීවරයින් පිරිස නීතිමය කටයුතු සඳහා තලෛයිමන්නාරමට රැගෙන විත් ඇති බවයි නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවේ.