මෙරට නිල සංචිත වත්කම් ඉහළට

අප්‍රේල් මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ සම්පූර්ණ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 5.5 දක්වා ඉහළ ගොස් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඒ අනුව වසරේ මේ දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 8 කින් පමණ ශක්තිමත් වී ඇති බවයි රාජ්‍ය අමත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම ඔහු අවධාරණය කළේ රුපියලේ අගය ඉහළ යාම උද්ධමනය සහ සමස්ත ජීවන වියදම අඩු කිරීමට සහ බාහිර ණය ආපසු ගෙවීම පහසු කිරීමට උපකාරී වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?