මෙරට තුළ මොසරෙල්ලා චීස් නිෂ්පාදනයට හා ඔලිව් වගාවට ඉතාලියේ සහාය ඉල්ලයි

මෙරට තුළ මොසරෙල්ලා චීස් නිෂ්පාදනයට හා ඔලිව් වගාකිරීමට ඇති හැකියාව සොයා බැලීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් කිරීමට අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඉතාලියේ කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

රෝම නගරයේ පැවැත්වෙන එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 19 වැනි සැසිවාරයට ගොස් සිටින අමාත්‍ය මහින්ද අමරවීර ඉතාලියේ කෘෂිකර්ම අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේ දී මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

ඊයේ (24) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යවරයා, ඉතාලියේ කෘෂිකර්ම අමාත්‍ය ෆ්රැන්චෙස්කෝ ලොල්ලොබ්රිගිඩා හමු වී මෙම සාකච්ඡා පවත්වා ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මී ගව පාලනය ඉතා හොඳින් සිදුකිරීම හේතුවෙන් මොසරෙල්ලා චීස් නිෂ්පාදනයට පහසුකම් ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

මේ සඳහා ඉතාලි ආයෝජකයින් මෙරටට පැමිණෙන්නේ නම් ඊට අවශ්‍ය සම්පූර්ණ පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා රජය සූදානම් බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

එමෙන්ම ඔලිව් වගාවට සුදුසු දේශගුණයක් සහිත ප්‍රදේශ ශ්‍රී ලංකාව තුළ තිබෙන බැවින් ඒ සඳහා ශක්‍යතා අධ්‍යයනයක් කිරීම සුදුසු බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

මීට අමතරව සුහුරු දේශගුනික කෘෂිකාර්මික පද්ධති පිළිබඳව විශේෂඥ හුවමාරුව, ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි මිදි බීජ හුවමාරු වැඩ සටහනක් සකස් කිරීම හා ඒ සඳහා තාක්ෂණික සහයෝගය ලබාගැනීම මෙන්ම ශ්‍රී ලංකාව තුළ අපේ රටෙ පාංශු ව්‍යුහයට ගැළපෙන මිදි ප්‍රභේදයක් හඳුන්වා දීම, ශ්‍රී ලංකාවේ පශු සම්පත් අභි ජනන ක්‍රම වැඩි දියුණු කිරීම, පර්යේෂණ විශේෂඥ හුවමාරුව, ඉතාලියේ ගවයින් ශ්‍රී ලංකාව හා හුවමාරු වැඩ පිළිවෙළක් සකස් කිරීම, ආහාර නිෂ්පාදන අංශය තුළ තිරසාර සංවර්ධනය සහ ඉතාලිය හා ශ්‍රී ලංකාව අතර කෘෂිකාර්මික ශ්‍රම බලකායේ සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධව අමාත්‍යවරු මෙහිදී අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් ඉදිරිපත් කළ යෝජනා අනුව, ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර අදාළ කරුණු සම්බන්ධව අවබෝධතා ගිවිසුමකට එළැමීමට ද තීරණය කරනු ලැබුවා.

මීට අමතරව ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස අමාත්‍යවරයා ඉතාලි කෘෂිකර්ම අමාත්‍යවරයාට ආරාධනාවක් ද සිදුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
10
+1
3
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29