මෙරට තුළ මොසරෙල්ලා චීස් නිෂ්පාදනයට හා ඔලිව් වගාවට ඉතාලියේ සහාය ඉල්ලයි

මෙරට තුළ මොසරෙල්ලා චීස් නිෂ්පාදනයට හා ඔලිව් වගාකිරීමට ඇති හැකියාව සොයා බැලීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් කිරීමට අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඉතාලියේ කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

රෝම නගරයේ පැවැත්වෙන එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 19 වැනි සැසිවාරයට ගොස් සිටින අමාත්‍ය මහින්ද අමරවීර ඉතාලියේ කෘෂිකර්ම අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේ දී මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

ඊයේ (24) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යවරයා, ඉතාලියේ කෘෂිකර්ම අමාත්‍ය ෆ්රැන්චෙස්කෝ ලොල්ලොබ්රිගිඩා හමු වී මෙම සාකච්ඡා පවත්වා ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මී ගව පාලනය ඉතා හොඳින් සිදුකිරීම හේතුවෙන් මොසරෙල්ලා චීස් නිෂ්පාදනයට පහසුකම් ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

මේ සඳහා ඉතාලි ආයෝජකයින් මෙරටට පැමිණෙන්නේ නම් ඊට අවශ්‍ය සම්පූර්ණ පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා රජය සූදානම් බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

එමෙන්ම ඔලිව් වගාවට සුදුසු දේශගුණයක් සහිත ප්‍රදේශ ශ්‍රී ලංකාව තුළ තිබෙන බැවින් ඒ සඳහා ශක්‍යතා අධ්‍යයනයක් කිරීම සුදුසු බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

මීට අමතරව සුහුරු දේශගුනික කෘෂිකාර්මික පද්ධති පිළිබඳව විශේෂඥ හුවමාරුව, ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි මිදි බීජ හුවමාරු වැඩ සටහනක් සකස් කිරීම හා ඒ සඳහා තාක්ෂණික සහයෝගය ලබාගැනීම මෙන්ම ශ්‍රී ලංකාව තුළ අපේ රටෙ පාංශු ව්‍යුහයට ගැළපෙන මිදි ප්‍රභේදයක් හඳුන්වා දීම, ශ්‍රී ලංකාවේ පශු සම්පත් අභි ජනන ක්‍රම වැඩි දියුණු කිරීම, පර්යේෂණ විශේෂඥ හුවමාරුව, ඉතාලියේ ගවයින් ශ්‍රී ලංකාව හා හුවමාරු වැඩ පිළිවෙළක් සකස් කිරීම, ආහාර නිෂ්පාදන අංශය තුළ තිරසාර සංවර්ධනය සහ ඉතාලිය හා ශ්‍රී ලංකාව අතර කෘෂිකාර්මික ශ්‍රම බලකායේ සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධව අමාත්‍යවරු මෙහිදී අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් ඉදිරිපත් කළ යෝජනා අනුව, ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර අදාළ කරුණු සම්බන්ධව අවබෝධතා ගිවිසුමකට එළැමීමට ද තීරණය කරනු ලැබුවා.

මීට අමතරව ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස අමාත්‍යවරයා ඉතාලි කෘෂිකර්ම අමාත්‍යවරයාට ආරාධනාවක් ද සිදුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
10
+1
3
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කලා වැවේ ජල මට්ටම ඉහළට..අවුකන පාලම හා හඳුන්ගමුව පාලමත් ජලයෙන් වැසී ගිහින්
01:36
Video thumbnail
හැමෝම ෆුල් හොල්මන් වුණ හඳුන්නෙත්තිගේ ඇමතුම..?ඇයි මාතර තියෙන්නේ ලංකාවේ නෙවෙයි ද
03:19
Video thumbnail
විපතට වග කියන්න ඕනි අනුර..එයාගේ නි.ඇමති නෙවෙයි..ජනපති පත් කළ කොමිසම් ගැන සත පහකවත් විශ්වාසයක් නෑ
06:19
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ තැ. කාර්යාල වැහිල්ලෙන් හඳුන්නෙත්තිට රතු කට්ට පනියි..අපිට අදාළ ප්‍රශ්ණ නෙවෙයි
02:09
Video thumbnail
ඩෙල්ෆ් දූපතේ තිබුණු නිවාසවලට වඩා වැඩි ගාණක් විනාශ වුණේ කොහොමද?ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
05:47
Video thumbnail
දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේකම් කොට්ඨාස 40කට ඉවත්වීමේ රතු නිවේදන..වහාම ආරක්ෂිත ස්ථාන වෙත යන්න
05:40
Video thumbnail
"මහනුවර ගෙනියන්න වෙනවා අම්පාර, පොළොන්නරුව පැත්තට"අසමතුලිතතාවය සමතුලිත කිරීමක් මේ කරන්නේ
17:02
Video thumbnail
Praharaya | පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:04:41
Video thumbnail
අදූෂිත ආණ්ඩුවක් ආවාම රටටත් ලේසියි ජනතාවටත් ලේසියි..Facebook එකෙන් බනින්නේ කොන්ද අඩු අයනේ..
10:09
Video thumbnail
ටිල්වීන් ඇතුළු ප්‍රබලයෝ විපතට පත්වූවන්ට සෙත් පතයි
00:52


?