මෙරට ජාතික සම්පත තරුණ පරපුර මිස, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය නොවේ – ජනපති

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් රටට ඉතිරිවන මුදලින් ඉදිරියේ දී අධ්‍යාපන සහ සෞඛ්‍ය සඳහා වැඩි මුදලක් ලබාදීමට හැකියාව ලැබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මෙරට ජාතික සම්පත රටේ තරුණ පරපුර මිස, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය නොවන බව අවධාරණය කළ ජනාධිපතිවරයා අද බොහෝ රාජ්‍ය ව්‍යවසායන් රජයට බරක් නොවී ක්‍රියාත්මක වන බවත්, මෙම වසර අවසන්වන විට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ද අදාළ ගෙවීම් කටයුතුවලින් නිදහස්වීමට රජය අපේක්ෂා කරන බවත් පැවසුවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ගාල්ල, වලහන්දූව ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකළ රුහුණ විශ්වවිද්‍යාලයට අනුබද්ධ සම සෞඛ්‍ය විද්‍යා පීඨය සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට අද (19) පෙරවරුවේ එක්වෙමින්.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

“මෙම සම සෞඛ්‍ය පීඨය විවෘත කිරීම වෙනුවෙන් රමේෂ් පතිරණ අමාත්‍යවරයා කැපවී කටයුතු කළා. මෙම ගොඩනැඟිල්ලෙන් සම්පූර්ණ ප්‍රයෝජන ගන්නා ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඇමරිකාව වැනි ප්‍රධාන විශ්වවිද්‍යාලවල මෙවැනි ගොඩනැ‍ඟිලිවලින් පැය 24ම ප්‍රයෝජන ලබා ගන්නවා. රජයේ මුදල් අධ්‍යාපනය සඳහා යෙදවූ විට අප එහි සම්පූර්ණ ප්‍රයෝජනය ලබාගත යුතුයි. මෙම පංති කඩාකප්පල් වුවහොත් එහි හානිය ඔබට වගේම රටටත් සිදු වෙනවා.
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමට සහ එම සංස්ථාවලට බිලියන 700ක් වියදම් කළ බව මෙහිදී සඳහන් කෙරුණා. නමුත් එය නිවැරදි විය යුතුයි. එම බිලියන 700 තවත් දස ගුණයකින් වැඩි කළයුතුයි. මෙවන් විශාල මුදලක් වැය කිරීමේ ප්‍රතිඵලය වුයේ රජයන් තුනක් යටතේ මේ වෙනුවෙන් ණය ලබා ගැනීමයි. ඒ හේතුවෙන් අපේ රටේ ණය ප්‍රමාණය වැඩි වුණා.
රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේ අපට පළමුව සිදු වූයේ ණය ලබාගැනීම නවතා දැමීමටයි. එය අසීරු කාර්යයක්. නමුත් එය සිදු කළ යුතු වුණා. ඒ වෙනුවට අලුතින් මුදල් සොයා ගැනීමට අවශ්‍ය වුණා. එහිදී තමන්ගේ වියදම තමන් උපයාගත යුතුයි කියලා අප සෑම රාජ්‍ය ආයතනයකටම දැනුම් දුන්නා.
මෙම තත්ත්වය සෑම ක්ෂේත්‍රයකටම බලපානු ලැබුවා. එහිදී මට දැඩි දෝෂාරෝපණයට ලක්වීමට සිදු වණා. රටේ ආර්ථිකය කඩා වැටීමට ඉඩ දෙනවද, බැණුම් අහනවද කියලා මට තීරණය කිරීමට සිදු වුණා. නමුත් මේ වගකීමෙන් බැහැර වීමට අපට හැකියාවක් තිබුණේ නැහැ. සියලු අමාත්‍යවරුන් අපට එම කටයුතුවලදී අවශ්‍ය සහාය ලබා දුන්නා.
එදා ඇතැම් අය රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට විරුද්ධ වුණා. අද විදුලිබිල සහ ඉන්ධන මිල ලෝක මිල ගණන් අනුව පවතිනවා. අපි ඒ වෙනුවෙන් කිසිදු මුදලක් ගෙවන්නේ නැහැ. ඒ වගේම අනෙක් සංස්ථාවලටත් මුදල් ලබාදීම නතර කළා. අපට දැනට මුදල් ගෙවීමට තිබෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පමණයි. මෙම වසර අවසන් වන විට එම ගෙවීම් කටයුතුවලිනුත් නිදහස් වීමට අපේක්ෂා කරනවා. ඒ අනුව රටට ඉතිරිවන මුදල් ඉදිරි වසර කිහිපය තුළ අධ්‍යාපනය සහ සෞඛ්‍ය සඳහා යෙදවීමේ හැකියාව ලැබෙනවා.
මෙම කටයුතු ක්‍රියාත්මක කරන විට විශාල විවේචනයක් එල්ල වුණා. මම එහිදී ඇසුවේ එකම ප්‍රශ්නයයි. අපේ ජාතික සම්පත සංස්ථාද, තරුණ පරපුර ද කියා මම විමසුවා. අප අලාභ ලබන සංස්ථා ආරක්ෂා කරනවා ද, අධ්‍යාපනයට , සෞඛ්‍යට මුදල් ලබා දෙනවා ද කියා තීරණය කළ යුතුයි. මෙම අලුත් වැඩසටහන් සමඟ ඉදිරි වසර දෙක, තුන තුළ නව ආර්ථික පරිවර්තනයක් සිදුකරමින් රට ඉදිරියට ගෙන යමු කියා මම සියලුදෙනාට ආරාධනා කරනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40