සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමඟ පැවති විස්සයි විස්ස තරගාවලියෙන් තරග 5 -0 ක් ලෙස පුර්ණ තරගාවලි ජයක් අත්කර ගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම ඊයේ (30) රාත්‍රියේ සමත් වුණා.
ඊයේ කේරලයේ තිරුවන්නාතපුරම්හි පැවති අවසන් විස්සයි විස්ස තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 175ක් රැස් කර ගනු ලැබුවා.
ඒ අනුව ලකුණු 176ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට රැස්කර ගැනීමට හැකිවූයේ පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 160ක් පමණයි.
ඒ අනුව මීට පෙර පැති තරග 04ද ජය ගෙන තිබූ ඉන්දීය කාන්තා කණ්ඩායම මෙම තරගයත් ජය ගැනීමත් සමඟ තරගාවලිය 5-0ක් ලෙස පූර්ණ ජයග්‍රහණයක් අත්කර ගනු ලැබුවා.




