මෙරට ඉතිහාසයේ දිවයිනට හොරෙන් ගේන්න හැදූ විශාලතම රන් තොගය අල්ලයි

ගුවන් මගියෙකු විසින් ශ්‍රී ලංකාව තුළට ගෙන ඒමට තැත් කළ විශාලතම රන් තොගය අද (15) දින කටුනායක ගුවන් තොටුපොළ තුළ සේවය කළ තම නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ප්‍රකාශ කළා.

රුපියල් කෝටි එකසිය දහයක් වටිනා කිලෝග්‍රෑම් 35කට අධික බරකින් යුතු මෙම රන් තොගය මෙරටට ගෙන ඒම සඳහා, විශේෂයෙන්ම සකස් කළ, මෝටර් රථ අමතර කොටස් සේ පෙනෙන ආකාරයේ උපකරණ 09ක් තුළ සඟවා, ඒවා සිය ගමන් මල්ලේ ද සඟවා ගෙන මෙම ගුවන් මගියා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

සැකකරු කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

සැකකරු අද උදෑසන 08.40 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

රන් බිස්කට් 195ක් සහ කිලෝග්‍රෑම් 13ක් බර ස්වර්ණාභරණ තොගයක් මෙසේ අත්අඩංගුවට ගත් රත්තරන් තොගය අතර වුණා.

මෙම වැටලීමේ ඇති සුවිශේෂීත්වය නිසා ම රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා ඇතුළු උසස් රේගු නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සැකකරුව අත්අඩංගුවේ තබාගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?