Empty Ad
Empty Ad
 Empty Ad

මෙන්ඩිස් සමාගම ගොනු කළ පෙත්සම සලකා බැලීමට දින දෙයි

රජයට ගෙවීමට ඇති සම්පූර්ණ හිඟ බදු මුදල මේ මස 30 වන වැනිදාට පෙර නොගෙවන්නේ නම් දැනට නිකුත් කර තිබෙන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව දන්වමින් සුරාබදු දෙපාර්තමේන්තුව තම සමාගම වෙත නිකුත් කර තිබෙන ලිපිය බල රහිත කිරීමේ නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගම ගොනු කළ රිට් පෙත්සම දෙසැම්බර් මස 4 වනදා සලකා බැලීමට අභියාචනාධිකරණය දින නියම කර තිබෙනවා.

ඒ පෙත්සම අද (27) අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූ අවස්ථාවේදියි මෙම නියෝගය කෙරුණේ.

පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී පෙත්සම්කාර සමාගම වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතිඥ නවින් මාරපන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්
ප්‍රකාශ කළේ; මේ මස 30 වැනිදාට පෙර ගෙවිය යුතු හිඟ බදු මුදල් ගෙවා අවසන් නොකරන්නේ නම් තම සමාගම වෙත නිකුත් කර තිබෙන මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව දන්වමින් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ලිපියක් ඒවා ඇති බවයි.

එහිදී නීතිඥවරයා තම සේවාදායකයාගේ සමාගම වෙත නිකුත් කර තිබෙන ලිපිය බලරහිත කිරීමේ නියෝගයක් ලබාදෙන ලෙස ද ඉල්ලා සිටියා.

ඒ අනුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන දෙසැම්බර් 04 වැනිදා නැවත කැඳවීමට අභියාචනාධිකරණය දින නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?