මියන්මාරයේ දිවි ගලවාගත්තවුන් සොයා ඉන්දියානු හමුදා අඛණ්ඩ ⁣මෙහෙයුමක

මියන්මාරයේ පසුගිය සිකුරාදා (28) සිදු වූ ද්විත්ව භූ කම්පනයට හසු වූ එරට වැසියන් මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඊට ඉන්දීය ආරක්ෂක අංශයන්ගේ සේවය ද හිමි ව ඇති අතර ‘බ්‍රහ්ම’ මෙහෙයුම යටතේ මෙම ගලවාගැනීමේ ක්‍රියාවලිය සිදු වනු ඇති.

මියන්මාර ඉන්දීය තානාපති කාර්‍යාලය පැවසුවේ විපතට පත් වූ මියන්මාර වැසියන්ගේ ජීවිත ගලවා ගැනීම සඳහා ඉන්දීය හමුදාවන් දැඩි පරිශ්‍රමයක් දරන බවයි.

එමෙන්ම නරේන්ද්‍ර මෝදිගේ අනුදැනුම සහ උපදෙස් මත මානුෂීය ආධාර ද මියන්මාරය වෙත යවා තිබෙනවා.

මියන්මාරයේ ඉන්දීය තානාපති කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ; “බ්‍රහ්ම මෙහෙයුම – මැන්ඩලේ හි භූමිකම්පා ස්ථාන වෙත පැමිණි දා සිට, දිවි ගලවා ගත් අය සෙවීම සඳහා සහ වෛද්‍ය සහාය ලබාදීමට අපගේ කණ්ඩායම් කටයුතු කරමින් සිටී. තවත් ආධාර පැමිණෙමින් තිබේ. අපගේ හදවත් සසැම විටම ආපදාවට ලක්වූවන් සමගයි..” යනුවෙන්.

මියන්මාරයට සහ තායිලන්තයට බලපෑ දැවැන්ත භූමිකම්පාවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව දෙරට තුළ ම ඉහළ ගිය අතර මියන්මාරයේ මේ වන විට පුද්ගලයින් 1,700ක් පමණ මිය ගොස් ඇති බව තහවුරු වී තිබෙනවා.

පාලක ජුන්ටාවට අනුව, 3,400ක් පමණ තුවාල ලබා ඇති අතර තවත් 300 ක් පමණ අතුරුදන් වී ඇති බවයි පැවසෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46