පෙට්‍රල් මිල අඩු වුණත් ත්‍රීවිල් ගාස්තුවේ අඩුවක් නැහැ (වීඩියෝ)

පෙට්‍රල් මිල සංශෝධනය කළ ද ත්‍රිරෝද රථ ගාස්තුව සංශෝධනය කිරීමට හැකියාවක් නොමැති බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමය පවසන්නේ පෙට්‍රල් මිල රුපියල් 10 කින් අඩු කළ ද, ත්‍රිරෝද රථ ගාස්තුව අඩු කිරීමට හැකිවන්නේ රුපියල් දෙකකින් බවයි.

ඒ, අනුව මගියාට රුපියල් දෙකක ලාභයක් ලබා දී විහිළුවකට පත්වීමට හැකියාවක් තම සංගමයට නොමැති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කිරීමට රජය කටයුතු කළා.

මෙම නව මිල සංශෝධනයත් සමඟ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 299ක් ලෙසත්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 299ක් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 361ක් ලෙසත් දැක්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03