මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ගොනු කළ ඇප පත ප්‍රතික්ෂේපයි

රුපියල් බිලියන සිය 3.5 ක වැට් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06 ක සිරදඬුවම් නියම වී සිටින ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන රන්දෙව් දිනෙන්ද්‍ර ජෝන් නමැත්තා තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිය නීතිඥවරු මාර්ගයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීරණය කළා.

කෙසේ වෙතත් අදාළ මහේස්ත්‍රාත් අධිකරණ තීන්දුවට එරෙහිව එම තැනැත්තා විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන බවත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ඒ අනුව මෙම පෙත්සම සම්බන්ධයෙන් මේ මස 29 වන දා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා එහි වගඋත්තරකරුවන් වෙත නොතිසි නිකුත් කරන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කරනු ලැබුවා.

තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිර දඬුවම් නියම වී සිටින තැනැත්තා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10