මෙන්ඩිස්ගෙනුත් අර්ධ ශතකයක්

ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් අද සිය 33 වන ජාත්‍යන්තර එක්දින අර්ශ ශතකය රැස් කිරීමට සමත් වුණා.

නවසීලනත්ය සමඟ ඕක්ලන්ඩ් හිදී මේ වනවිට පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින තරගයේ දී ඔහු මෙම අර්ධ ශතකය රැස් කළා.

පන්දු 42ක දී වාර්තා කළ මෙම අර්ධ ශතකයට හයේ පහර 02ක් සහ හතරේ පහර 04ක් ඇතුළත්.

කෙසේ වෙතත් පන්දු 48ක් තුළ ලකුණු 54ක් ලබාගෙන සිටිය දී ඔහු; මයිකල් බ්‍රේස්වෙල් අතට උඩ පන්දුවක් ලබා දී දැවී ගියා.

මේ අතර පැතුම් නිස්සංක ද මෙම තරගයේ දී අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?