AFC Banner
Empty Ad
Empty Ad

මෙතෙක් කලක් කිසිඳු සැලකිල්ලකට භාජනය වී නොතිබූ ක්ෂේත්‍ර 14ක් බදු දැලට

මෙතෙක් කලක් කිසිඳු සැලකිල්ලකට භාජනය වී නොතිබූ ක්ෂේත්‍ර 14ක් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී, අනිවාර්යෙන්ම බදු ගෙවීම සඳහා යොමු කරගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ බදු ගෙවිය යුතු අංශ පිළිබඳව මේ ආකාරයෙන් අවධානය යොමුකළ වකවානුවක් මීට පෙර කෙදිනකවත් නොතිබූ බවයි.

ඒ, අනුව කිසිවෙකුටත් බදු දැලෙන් රිංගා යාමට ඉඩදී නොමැති බව ද අමාත්‍යවරයා පවසා සිටියා.

අනිවාර්යෙන්ම බදු ගෙවිය යුතු පෞද්ගලික පාසැල්, පෞද්ගලික උපකාරක පංති, මහා පරිමාණ පෞද්ගලික වෛද්‍ය සේවා සපයන ආයතන, ඉංජිනේරු සේවා, නීතිඥ සේවා, මිනින්දොරු සේවා ආදී ක්ෂේත්‍රවලින් බදු අය නොකරන බවට ඇතමුන් සඳහන් කළ ද පසුගිය වසරේ සිට අනිවාර්යයෙන්ම බදු ගෙවිය යුතු බවට අලුතින් ගෙන ආ ක්ෂේත්‍රයන් 14ට පෙරකී ව්‍යාපාර ක්ෂේත්‍ර සියල්ල ඇතුළත් බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ, අනුව එම ක්ෂේත්‍රවලට අදාළව ලියාපදිංචි වූ අයගේ ආදායම් පිළිබඳ දැඩි විමර්ශනයක් දේශිය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සිදුකරගෙන යන බව ද ඔහු සඳහන් කළේ.

කෙටි කලක් තුළ දළ දේශිය නිෂ්පාදිතයට සාපේක්ෂව 8.3 % කට පහත වැටී තිබූ රාජ්‍ය ආදායම 11% ඉක්ම වූ අගයකට ගෙන ඒමට හැකි වූයේත් එමගින් ප්‍රාථමික ගිණුමේ ධන ශේෂයක් පවත්වා ගැනීමට හැකිවූයේ, පෙරකී ක්ෂේත්‍රයන් පිළිබඳව දැඩි විමර්ෂණයක් සිදුකර ඒවායේ ආදායම එකතු කර ගත් නිසා බව ද අමාත්‍යවරයා එහිදී කර සිටියා.

ඇතැම් ව්‍යාපාරවල තමන්ගේ නිසි ආදායම අවප්‍රමාණය කර පෙන්වීමටත්, වියදම අධි ප්‍රමාණය කර පෙන්වීමටත් ඇති යම් යම් අවස්ථා සහ දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට ස්වයං කරුණු ඉදිරිපත් කිරීමට ඇති අවස්ථාවල තිබෙන යම් යම් අඩුපාඩු තවදුරටත් නිවැරදි කිරීම අවශ්‍ය බවද අමාත්‍යවරයා එහිදී පවසා සිටි අතර , ඒ සඳහා රැමිස් ව්‍යාපෘතිය සෑම තැනකටම ව්‍යාප්ත කරමින් පවතින බව ද පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
8
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?