මෘත දේහයක් මහ මඟට ගෙනවිත් වැල්ලවාය – කොළඹ මාර්ගය අවහිරකර විරෝධතාවක්

වැල්ලවාය – කොළඹ ප්‍රධාන මාර්ගය වැල්ලවාය, ආරියසිර හංදිය ප්‍රදේශයෙන් අවහිර කරමින් පිරිසක් මේ වනවිට විරෝධතාවයක නිරතවන බව වාර්තා වනවා.

විරෝධකරුවන් මෘත දේහයක් ද මාර්ගයට රැගෙනවිත් මෙම විරෝධතාවය පවත්වන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මීට දින දෙකකට පෙර ඝාතනයට ලක්වූ පුද්ගලයෙකුගේ මෘත දේහයක් මෙලෙස මාර්ගයට රැගෙනවිත් විරෝධතාවයේ නිරතවන අතර, එම ඝාතනයට අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් පොලිසිය විසින් නිදහස් කිරීමට එරෙහිව මෙම විරෝධතාවය සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?