මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින්ගේ නාම ලේඛනය කථානායක මැතිසබයට දන්වයි

අලුතින් පිහිටවනු ලැබූ බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව සඳහා තේරීම් කාරක සභාව විසින් පත් කෙරුණු සාමාජිකන්ගේ නාම ලේඛනය කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අද (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

රාජ්‍ය අමාත්‍යවරුන්වන ෂෙහාන් සේමසිංහ සහ අනුප පස්කුවල්, මන්ත්‍රීවරුන්වන චමල් රාජපක්ෂ, ගාමිණී ලොකුගේ, සම්පත් අතුකෝරල, සංජීව එදිරිමාන්න, කරුණාදාස කොඩිතුවක්කු, කෝකිලා ගුණවර්ධන, මුදිතා ප්‍රිශාන්ති සහ යදාමිණී ගුණවර්ධන යන ය මෙම කමිටුවට ඇතුළත්.

මෙම කමිටුව ඉදිරි දිනවල රැස්වීමට නියමිතය බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්