මුහුදේ දිය නෑමට ගිය තරුණයන් 3ක් අතුරුදන්

මාතර මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයන් තුන් දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ එම තරුණයන් සොයා පොලිසිය සහ ප්‍රදේශවාසීන් විසින් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ මාතර වැල්ලමඩම මුහුදු තීරයේ දිය නාමින් සිටි සිසුන් තිදෙනෙකු බව සඳහන්.

ඔවුන් කඹුරුපිටිය හා මාකදුර ප්‍රදේශවල පදිංචිව සිටි 17 හැවිරිදි සිසුන් තිදෙනෙක්.

ඔවුන් අද උදෑසන මාතර ඇලවේල්ල පාරේ උපකාරක පන්තියකට සහභාගී වීමට පැමිණ සිටියදී යි දිය නෑමට ගොස් ඇත්තේ.

වැල්ලමඩම මුහුදේ නෑමට පැමිණෙන ලෙසට මෙම සිසුන් තිදෙනා මාතර කාර්මික විද්‍යාලයේ ඉගෙනුම ලබන මිතුරන් දෙදෙනෙකුට ද දුරකතනයෙන් දැනුම් දී ඇති ඔවුන් දෙදෙනා එම ස්ථානයට එන විට පාසල් සිසුන් තිදෙනාම මුහුදේ ගසා ගෙන ආකාරය දැක විශ්ව විද්‍යාල ආරක්ෂක අංශ දැනුවත් කර තිබෙනවා.

අතුරුදන් සිසුන් තිදෙනාගේ නිශ්චිත අනන්‍යතාවයක් මෙතෙක් හෙළිවී වී නැහැ.

වෙරලේ තිබී හමුවු ජංගම දුරකතන ඔස්සේ අතුරුදන් සිසුන් හඳුනා ගැනීමට මාතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?